තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනම ස්වේච්ඡා සමාජ සේවා ආයතනයක් ලෙස 1991 වර්ෂයේ අංක CO/11/90 යටතේ සමාජ සේවා දෙපාර්තමෙන්තුවේ ලියාපදිංචි කර ඇත. ශ්‍රී සිද්ධාර්ථ පදනම ඉදිරි දැක්ම වනුයේ ජාති, ආගම්, කුල භේද වලින් තොරව පොදු ජන සමාජයේ ආධ්‍යාත්මික භෞතික සංවර්ධනය ඇති කිරීම සඳහා "අර්ථවත් ලොවක් උදෙසා" යන තේමා පාඨය යටතේ කටයුතු කිරීමයි. ශ්‍රී සිද්ධාර්ථ පදනමේ මූලික කාර්යභාරය වශයෙන් ග්‍රාමීය ප්‍රදේශ වල ජනතාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, ආර්ථික කටයුතු, කෘෂිකර්මය, නිවාස, පාරිසරික, සංස්කෘතික අංශයන් දියුණු කිරීම තුලින් ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීමයි. ග්‍රාමීය ප්‍රදේශ වල ඇති පන්සල් වලට ගොඩනැගිලි ඉදිකිරීම, අලුත්වැඩියා කිරීම, පිළිසකර කිරීම සහ අත්‍යවශ්‍ය පහසුකම් දේශීය සහ විදේශීය ආධාර වලින් දියුණු කිරීම පදනමේ අරමුණු අතුරින් ප්‍රධාන අරමුණුක් සේ සැලකේ. පසුගිය අවුරුදු 25 තුල පදනම එහි ප්‍රතිපත්තීන්ට අනුකූලව වැඩසටහන් විශාල ප්‍රමාණයක් සාර්ථකව නිම කර ඇත.

වැඩි විස්තර


අපේ වැඩසටහන්


ඉදිරි වැඩසටහන්

ගිරිභාණ්ඩ පූජාව -
සැප්තැම්බර් 2016

 මෙවර මෙම ගිරිභණ්ඩ පූජාව සඳහා තෝරාගෙන ඇත්තේ මාතලේ දිස්ත‍්‍රික්කයේ විහාරස්ථාන 200 කි. මෙම දිස්ත‍්‍රික්කය ලෝකයේම බෞද්ධයන්ට ඉතාම වැදගත් ශ්‍රේෂ්ඨ ශාසනික ක‍්‍රියාවක් සිදුවු ස්ථානයකි.මෙම දිස්ත‍්‍රික්කයේ විවිධ හේතු නිසා දුෂ්කර ගම්මාන රැසක් ඇත. මෙවර ගිරිභණ්ඩ පූජාව පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහයෙන් ලබන සැප්තැම්බර් 18 දා මධ්‍යම පළාතේ මාතලේ දිස්ත‍්‍රික්කයේ දුෂ්කර විහාරස්ථාන 200 ක් වෙනුවෙන් මහරගම නාවින්නේ නගරසභා පිටියේදී පැවැත්වෙයි.

වැඩි විස්තර

කඨින පිංකම්මාලාව -
නොවැම්බර් 2016

පදනම මගින් අඛණ්ඩව වසරක් පාසා සිදු කරන කඨින පූජා පිංකම් මාලාව මෙවරත් දුෂ්කර පංසල් කිහිපයක සිදු කිරීමට කටයුතු කරමින් සිටින බව සතුටින් දන්වා සිටිමු. දැනටමත් දේශීය හා විදේශීය දායක පිරිස් මෙම කඨින පිංකම් සඳහා විවිධ විහාරස්ථාන තෝරාගෙන ඇත. කඨින පිංකමට අමතරව දුෂ්කර පංසල්වල පවතින අඩුපාඩු සකස් කර දීමටද දායකයින් සඳහා අවස්ථාව සැලසෙනු ඇත. මෙම මහඟු පිංකම සඳහා දායක වීමට කැමති පිංවතුන් වැඩි විස්තර සඳහා පදනම අමතන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

වැඩි විස්තර

ප්‍රජා සත්කාර
සේවාවන්

පදනම මගින් ග්‍රාමීය ප්‍රදේශ වල ජීවත්වන අඩු ආදායම් ලාභී පවුල් වෙනුවෙන් සිදු කරන ප්‍රජා සත්කාර සේවාවන් සඳහා අවශ්‍ය වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම ආරම්භ කොට ඇත. මේ යටතේ අඩු ආදායම් පවුල් වල ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා මාර්ග පහසුකම්, ජල හා විදුලි සැපයුම්, අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය පොත්පත් හා ලිපි ද්‍රව්‍යය ලබාදීම, සෞඛ්‍ය උපකරණ ලබාදීම වැනි කටයුතු සිදුකිරීමට සැලසුම් කොට ඇත. පදනම මෙම සත්ක්‍රියාවට දායක වීමට කැමති සැමට සැදැහැ සිතින් යුතුව ආරාධනා කර සිටී.

වැඩි විස්තර