අඩු ආදායම්ලාභී පවුල් සදහා නිවාස ඉදිකිරීම්


ශී‍්‍ර ලංකාවේ අඩු ආදායම්ලාභී පවුල්වල නිවාස ප‍්‍රශ්නය ද විශාල ගැටළුවකි. ජීවත් වීමට සුදුසු නිවසක් නොමැති, නිවසක් තනාගැනීමට ශක්තියක් නැති පවුල් වෙත නිවාස තනා දීම සහ ඉදිකරගෙන යන නිවාස වලට ආධාර කිරීම ශී‍්‍ර සිද්ධාර්ථ පදනම කලක සිට පවත්වාගෙන එනු ලැබේ. පදනම ආරම්භ කිරීම වෙනුවෙන් ගම්මාන 15 ක පවුල් 15 ක් සඳහා නිවාස ආධාර ලබාදෙමින් පදනමේ නිවාස වැඩ සටහන ආරම්භ කරනලදී. එතැන් සිට වරින්වර විවිධ අවස්ථාවල නිවාස ආධාර සපයන ලදී. යුද සමයේ ගම අතහැර ගොස් සිට 2008 වසරේ නැවත ගමට පැමිණ පදිංචිවූ ත‍්‍රීකුණාමල දිස්ත‍්‍රික්කයේ ගෝමරංකඩවල රංගිරි උල්පත ගමේ පවුල් 30 කට නිවාස තනාගැනීමට පදනම මගින් සෙවිළි තහඩු ලබාදීම එම ජනතාවට මහත් ආශීර්වාදයක් විය. පසුගිය 2015 වසරේ සිංගප්පූරුවේ සැදැහැවත් දායකත්වයෙන් අංග සම්පූර්ණ නිවාස 06 ක් ඉදි කිරීමට හැකිවීම අපට විශාල සතුටකි.

පදනම මගින් ඉදිකරනලද නිවාස කිහිපයක ජායාරුප පහතින් දක්වා ඇත