පොත් පත් බෙදා දීම


පිරිවෙන් පොත් බෙදා දීම

අනාගතයේ දිවයින තුළ සාරධර්ම ප‍්‍රවර්ධනයට පෙරමුණ ගන්නා නවක භික්ෂු පරපුරක්  බිහි කිරීමේ කාර්ය භාරයේදී ද ශ‍්‍රි සිද්ධාර්ථ පදනමේ දායකත්වය සුවිශේෂය. භික්ෂු අධ්‍යාපන මධ්‍යස්ථානය පිරිවෙනයි. ඈත එපිට දුෂ්කර ප‍්‍රදේශවල පිරිවෙන් පවත්වාගෙන යාමේදීද මතුවන ගැටළු රාශියකි. විශේෂයෙන්ම නිර්දිෂ්ට ග්‍රන්ථ සපයාගැනීම මහත් අසීරු කාර්යයකි.

මේ නිසා ශී‍්‍ර සිද්ධාර්ථ පදනම ශිෂ්‍ය හිමිවරුන් වෙත පෙළ පොත් ලබාදීම 2011 වසරේ සිට වාර්ෂිකව සිදු කෙරෙයි. පහත සදහන් පරිදි මේ දක්වා පිරිවෙන් 134 ක 4,000 කට අධික පැවිදි සහ ගිහි සිසුන් වෙත නිර්දිෂ්ඨ ග‍්‍රන්ථ ලබා දී තිබේ.

වර්ෂය

විහාරස්ථානය අයත් ප‍්‍රදේශය

විහාරස්ථාන ගණන

පැවිදි සහ ගිහි ශිෂ්‍ය සංඛ්‍යාව

2012

අම්පාර දිස්ත‍්‍රික්කයේ සියලූම පිරිවෙන් 

17

530

2013

අනුරාධපුර, වව්නියාව සහ ත‍්‍රිකුණාමලය යන දිස්ත‍්‍රික්කයන්හි තෝරාගත් පිරිවෙන්

50

1,500

2014

පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ සියලූම පිරිවෙන්

16

500

2015

මාතලේ හා නුවරඑළිය යන දිස්ත‍්‍රික්කයන්හි තෝරාගත් පිරිවෙන්

29

950

2016

පුත්තලම් දිස්ත‍්‍රික්කයේ සහ නිකවැරටිය හා මහව කොට්ඨාශවල සියලූම පිරිවෙන්

22

800

 

මුළු විහාරස්ථාන සහ ශිෂ්‍ය සංඛ්‍යාව

134

4,280

 

දහම් පොත් බෙදාදීම - 2016 - පුත්තලම 

 

දහම් පොත් බෙදාදීම - 2015 - මාතලේ සහ නුවරඑළිය

 

දහම් පොත් බෙදාදීම - 2014 - පොලොන්නරුව

 

දහම් පොත් බෙදාදීම - 2013 - අනුරාධපුර සහ ත්‍රිකුණාමලය 

 

දහම් පොත් බෙදාදීම - 2012 - අම්පාර

 දහම් පාසල් පොත් බෙදාදීම

දරුවන් යහපත් පුරවැසියන් කිරීම සඳහා දහම් පාසල් මගින් ඉටුවෙන මෙහෙවර ඉතා උසස්ය. දුෂ්කර ප‍්‍රදේශවල දහම් පාසල් පවත්වාගෙන යන්නේ ඉතා අපහසුවෙනි. දරුවන් දිරිමත් කිරීමටත් දහම් පාසල් ගුරුභවතුන් ස්වෙච්ඡාවෙන් සිදු කරන මෙහෙවර ඇගයීමටත් මෙම පදනම දරුවන්ට හා ආචාර්ය මණ්ඩල වලට ත්‍යාග ප‍්‍රදානය කිරීම සිදු කරයි. හොරණ ශාසනික මණ්ඩලය මගින් සංවිධානය කරන සිසු නිපුණතා ඇගයීම් වැඩසටහන්වලට හා ශීෂ්‍ය සම්මන්ත‍්‍රණ වලට වාර්ෂිකව පදනමේ අනුග‍්‍රහය ලබාදෙයි.

පදනමේ අනුග‍්‍රහය ලබාදුන් දහම් පාසල් මෙසේය; 

  • මහියංගනය, සොරබොර, ජනපදයේ, ශ‍්‍රි සම්බුද්ධත්ව ජයන්ති දහම් පාසල
  • පුත්තලම, කරුවලගස්වැව, තබ්බෝව, ශ‍්‍රි විසුද්ධාරාම දහම් පාසල
  • පුත්තලම, පල්ලම, තුක්කින්න, ශ‍්‍රි සත්බෝධි විහාර දහම් පාසල
  • මොණරාගල, වැල්ලවාය, මානෙල්ගල, ශ‍්‍රි සුදර්ශනාරාම දහම් පාසල
  • කළුතර, මිල්ලනිය, ශ‍්‍රී ගංගාතිලක පුරාණ විහාර දහම් පාසල
  • පොලොන්නරුව, නුවරගල, දමනේවැව, ශ‍්‍රි සද්ධාකිර්ති දහම් පාසල

ඉහත සඳහන් පොත් පත් බෙදා දීමට අමතරව පදනම විසින් විවිධ පළාත් වල පංසල් සඳහා ධර්ම ග්‍රන්ථ  ප‍්‍රදානයද සිදු කිරීම ආරම්භ කරන ලදී. මෙම වැඩසටහන යටතේ ධර්ම ග්‍රන්ථ ප‍්‍රදානය කරන ලද විහාරස්ථාන පහතින් දක්වා ඇත.

ත්‍රිපිටක පොත් පූජා කිරීම

 

වැලිකන්ද මෛත්‍රීගම ශ‍්‍රි සුදර්ශනාරාමය

 

 

මොණරාගල සිරි පියරතන පිරිවෙන

 

 

වැලිඔය රුවන්පුර ශ‍්‍රි ජිනාලංකාරාරාමය

 

 

 

අටුවා පොත් කට්ටල පූජා කිරිම

 

නිකවැරටිය බුදුමුත්තාව ශ‍්‍රි විශ්ව කීර්ති පිරිවෙන

 

 

මහව බලල්ල ශ‍්‍රි දීපාලෝක මහ පිරිවෙන