ප්‍රජා සුබසාධන වැඩසටහන්


ප්‍රජා සත්කාර සේවාවන්

පදනම මගින් ග්‍රාමීය ප්‍රදේශ වල ජීවත්වන අඩු ආදායම් ලාභී පවුල් වෙනුවෙන් සිදු කරන ප්‍රජා සත්කාර සේවාවන් සඳහා අවශ්‍ය වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම ආරම්භ කොට ඇත. මේ යටතේ අඩු ආදායම් පවුල් වල ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා මාර්ග පහසුකම්, ජල හා විදුලි සැපයුම්, අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය පොත්පත් හා ලිපි ද්‍රව්‍යය ලබාදීම, සෞඛ්‍ය උපකරණ ලබාදීම වැනි කටයුතු සිදුකිරීමට සැලසුම් කොට ඇත. පදනම මෙම සත්ක්‍රියාවට දායක වීමට කැමති සැමට සැදැහැ සිතින් යුතුව ආරාධනා කර සිටී.