දහම් පොත් බෙදාදීම


තලගල පිරිවෙන් පොත් පූජාව - බදුල්ල දිස්ත්‍රික්කය 2019

තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනම මගින්  වාර්ෂිකව සිදුකරන පිරිවෙන් පොත් පූජා කිරීමේ පුණෝත්සවය මෙවර බදුල්ල දිස්ත්‍රික්කයේ පිරිවෙන් 41 ක ශිෂ්‍ය හිමිවරුන්, සිල් මෑණිවරුන් සහ ගිහි දරුවන් වෙනුවෙන් පවත්වනලදී. මහියංගණ සොරබොර ශ්‍රී සම්බෝධි පිරිවෙනේදී සහ බණ්ඩාරවෙල ධර්ම විජය පිරිවෙනේදී 2019 පෙබරවාරි මස 06, 07 දෙදින සිදුකළ මෙම වැඩසටහනේදී එක වසරේ සිට ප්‍රාචීන අවසාන පන්තිය දක්වා පන්තිවල 1200කට අධික සිසු පිරිසකට පිරිවෙන් අධ්‍යාපනය සදහා අවශ්‍ය සියලුම පොත් පරිත්‍යාග කරනලදී.